
Summary
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය දුම්රිය පාලම අසළදී සිදුවූ රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන්දියානු සංචාරකයින් පිරිසක් රැගෙන ගිය වෑන් රථයක් තරුණිය ගමන් ගත් යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇති අතර වෑන් රථ රියදුරාගේ අපරික්ෂාකාරී රිය පැදවීම අනතුරට හේතුව වී ඇතැයිද පොලීසිය සඳහන් කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ නානුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි ගුණසේකරම් දිව්‍යා නැමැති 37 හැවිරිදි තරුණියකි.
අද (19) උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර ඒ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය දුම්රිය පාලම අසළදීය.
අනතුරින් ඇය ගමන් ගත් යතුරුපැදියට සහ වෑන් රථයටද බරපතළ හානි සිදුව තිබේ.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරා සැකපිට නානුඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.


















































