
Summary
එක්සත් ජනපදය සමග පවතින යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සාකච්ඡා සඳහා නැවත පැමිණීමට ඉරානය කොන්දේසි පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව එම කොන්දේසි කටාර් මැදිහත්කරුවන් හරහා ධවල මන්දිරයට දැනුම් දී ඇතැයි ඉරානයේ ඉහළම ආරක්ෂක නිලධාරියෙකු වන මොහ්සෙන් රෙසායි පවසා ඇත.
එම කොන්දේසි අතරට සියලු පෙරමුණුවලින් යුද්ධය අවසන් කිරීම, තහනම් කරන ලද ඉරාන වත්කම් නිදහස් කිරීම සහ ඉරාන වරායන් සඳහා අමෙරිකානු නාවික සම්බාධක ඉවත් කිරීම ඇතුළත් වේ.
සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා සම්පූර්ණ කොන්දේසි 07ක් අමෙරිකාවට පනවා ඇති ඉරානය සඳහන් කරනුයේ යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය නම් ඉරානයේ අයිතිවාසිකම් සහ කොන්දේසි පිළිගන්නා ලෙසත්ය.
ඒ අනුව අමෙරිකාවට යුද්ධයෙන් නිදහස් වීමට නම් මෙම කොන්දේසි පිළිගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද ඔහු පවසා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.



















































