
ගෙවුණු පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාලිබොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එම අගය මිලිමීටර් 103.5ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ දෙල්වල තේ කර්මාන්තශාලා ප්‍රදේශයට මිලිමීටර් 93.5ක සහ ගුරුදියපොත්ත තේ කර්මාන්තශාලා ප්‍රදේශයට මිලිමීටර් 87.5ක වර්ෂාපතනයක් ලැබී ඇත.
ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ නෑබොඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 83.0ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.
මේ අතර දිවයින පුරා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
තද වැසි සහ ගිගුරුම් සහිත වැසි මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.



















































