
දිවයිනට බලපා ඇති සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය සහ අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 16ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 66ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාව පෙන්වා දෙයි.
සැප්තැම්බර් මස 01 වැනි දින සිට අද (20) සවස 06.00 දක්වා වාර්තා වූ දත්තවලට අනුව, මෙම ආපදා තත්ත්වය නිසා පවුල් 1,138කට අයත් පුද්ගලයින් 5,074ක් විපතට පත්ව තිබේ.
මේ වන විට ආපදා හේතුවෙන් දිවයින පුරා සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 2කි.
අද (20) පෙරවරුවේ කළුතර අගලවත්ත ප්‍ර දේශයේ දී අකුණු සැර වැදීම හේතුවෙන් 15 හැවිරිදි පිරිම දරුවෙක් මිය ගොස් ඇති අතර තවත් පිරිමි දරුවෙක් තුවාල ලබා පිඹුර රෝහලට ඇතුලත් කර ඇත.
මීට පෙර පසුගිය 13 වනදා ද අකුණු සැර වැදීම හේතුවෙන් අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශයේ 41 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබේ.
මීට අමතරව, අකුණු සැර වැදීමෙන් තවත් පුද්ගලයින් 2 දෙනෙකු තුවාල ලබා ඇති අතර, නිවාස 3ක් සම්පූර්ණයෙන් සහ නිවාස 183ක් අර්ධ වශයෙන් හානි වී තිබේ.
පසුගිය පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, එයින් වැඩිම වර්ෂාපතනයක් (මි.මී. 210.0) සටහන් වී ඇත්තේ මහනුවර, නාවලපිටිය ප්‍රදේශයෙනි.
නුවරඑළිය, හුණුගල් ඔය සහ වටවල ප්‍රදේශවලින් ද මි.මී. 185ක පමණ ඉහළ වර්ෂාපතනයක් වාර්තා වී ඇත.
පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර (පස්බාගේ කෝරලේ), කෑගල්ල (දෙහිඕවිට, අරණායක, දැරණියගල, මාවනැල්ල, යටියන්තොට) සහ නුවරඑළිය (කොත්මලේ බටහිර/නැගෙනහිර, අඹගමුව, නෝර්වුඩ්) යන ප්‍රදේශවලට රතු නිවේදන (ඉවත් වීමේ නිවේදන) නිකුත් කර තිබේ. මීට අමතරව කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා ද නායයෑම් අවදානම් මට්ටම් (කහ සහ ඇම්බර් වර්ණවලින්) යටතේ විමසිලිමත් වන ලෙස දන්වා ඇත.
ප්‍රධාන ගංගා ආශ්‍රිත ජල මට්ටම් මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතත්, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 2ක් අඟල් 12 බැඟින් තවදුරටත් විවෘත කර තිබේ.
මේ අතර, එල්-නිනෝ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 39ක පවුල් 51,959කට අයත් පුද්ගලයින් 169,071ක් පානීය ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටිති.
ඒ වෙනුවෙන් අදාළ ප්‍රදේශ 39 තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි පවුල් 43,378කට අධික සංඛ්‍යාවක් සඳහා මේ වන විට පානීය ජලය ටැක්ටර් මඟින් බෙදා හැරීමට පියවර ගෙන ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත්ය.
තවද, ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම මුලතිව්, වවුනියා සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇති බැවින්, එළිමහනේ ගැවසීමේදී සහ ගමන් බිමන් යෑමේදී දැඩි සැලකිලිමත් වන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.



















































