
ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.
අද දෙරණ වාර්තාකරු පැවසුවේ මේ වන විටත් අදාළ ප්‍රදේශවලට වැසි ඇද හැලෙමින් පවතින අතර, ඊයේ (19) සවස කාලයට සාපේක්ෂව ගත වූ පැය 24 ක කාලය තුළ කැළණි ගඟේ පූගොඩ ප්‍රදේශයෙන් ජල මට්ටම අඩි කිහිපයකින් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණයවන බවය.
අඛණ්ඩව වැසි පවතින බැවින් ගඟ ආසන්න පහත් බිම්වල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටී.



















































