
බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වූ අඩු පීඩන කලාපය අද (20) නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක සහ යාබද උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශයේ පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව නිවේදනය කරයි.
එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (21) දිනයේ දී ක්‍රමයෙන් නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී පීඩන අවපාතයක් දක්වාත් අනිද්දා (22) දිනයේදී බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
එහි බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ බෙංගාල බොක්ක හරහා සුළං වේගය වැඩි වනු ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි අද පස්වරුනේ මෙම නිවේදනය නිකුත් කරන ලදී.
බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවෙදන සහ අනාවැකි සම්බන්ධයෙන් වීමසිලිමත්වන ලෙසත් වැඩිදුරටත් දැනුම් දී තිබේ.
පහත සිතියමේ '' Advisory" කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ.



















































