header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ජයග්‍රහණය තීරණය වන්නේ බාධකවලට මුහුණ දෙන ආකාරය මතයි - අගමැති හරිනි
ජයග්‍රහණය තීරණය වන්නේ බාධකවලට මුහුණ දෙන ආකාරය මතයි - අගමැති හරිනි
Mobitel 1278

පොහොසත් රටක් ලස්සන රටක් වන්නේ ආර්ථිකයෙන් පමණක් දියුණු වීමෙන් නොවන බවත් ජීවිත ලස්සන වන්නේ සියලුදෙනාට ආදරය දක්වන, සියලුදෙනා පිළිගන්නා, සියලුදෙනාට ගෞරව දක්වන සමාජයක් ගොඩනැගීමෙන් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ විවිධ දක්ෂතා සහිත බාලදක්ෂිකා  අංශයේ’ (Differently Abled Branch) ඉහළම සම්මානය වන "Blue All Round Cord" සම්මානයෙන් පිදුම් ලැබූ බාලදක්ෂිකාවන් ඇගයීම වෙනුවෙන් අද (20) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයි මේ බව පැවසුවාය.

එහිදී ඇය පැවසුවේ ජයග්‍රහණය යනු අපට මුහුණ දීමට සිදුවන බාධක මත තීරණය වන දෙයක් නොවන බවත්, ඒ බාධකවලට අප ධෛර්යයෙන් මුහුණ දෙන ආකාරය මත ජයග්‍රහණය තීරණය වන බවත්ය.

ආබාධ සහිත  හෝ වෙනත් විශේෂ අවශ්‍යතා තිබීම දරුවෙකුගේ ඉදිරි ගමනට බාධාවක් නොවිය යුතු අතර  දරුවන්ගේ සැබෑ කුසලතාවලට මුල්තැන දෙමින් බාධාවලින් තොර සැමට සම අවස්ථා ඇති සමාජයක් ගොඩනැගීමට රජය පූර්ණ ලෙස කැපවී සිටින බව ද අග්‍රාමාත්‍යවරිය එහිදී  ප්‍රකාශ කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

"ආබාධ සහිත හෝ වෙනත් විශේෂ අවශ්‍යතා තිබීම කිසිසේත්ම දරුවෙකුගේ ඉදිරි ගමනට බාධාවක් වෙන්න දෙන්න බැහැ. දරුවන්ගේ සැබෑ කුසලතාවලට මුල්තැන දෙමින්, බාධාවලින් තොරව සැමට සම අවස්ථා හිමිවන සමාජයක් ගොඩනැගීමට අපගේ රජය පූර්ණ වශයෙන් කැපවී සිටිනවා.

ආබාධ සහිත ප්‍රජාව සබලගැන්වීම වෙනුවෙන් අප දැනටමත් වැඩසටහන් ගණනාවක් ආරම්භ කර තිබෙනවා. උසස් අධ්‍යාපනයේ නිරත වන විශේෂ අවශ්‍යතා සහිත විශ්වවිද්‍යාල සිසුන් සඳහා පළමු අදියර යටතේ රුපියල් 100,000 බැගින් වූ විශේෂ දීමනාවක් ජනාධිපති අරමුදල මගින් පිරිනැමීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම, ආබාධ සහිත හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සහ පවුල් වෙනුවෙන් රුපියල් බිලියන 37.4 කට අධික මුදලක් වෙන්කර තිබෙනවා. ආබාධිත තැනැත්තන් සබලගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට සහ ප්‍රජා මට්ටමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අදාළ අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 10 ක ප්‍රතිපාදන ලබා දී තිබෙනවා.

එ විතරක් නෙවෙයි, විශ්වවිද්‍යාල සිසුන් 16,000 ක් ආවරණය වන පරිදි වසර 3 කින් ක්‍රියාත්මක වන නේවාසිකාගාර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ, සියලු පහසුකම් ආබාධිත සිසුන්ටත් පහසුවෙන් භාවිත කළ හැකි පරිදි (Accessible) නවීකරණය කරනවා.

ආබාධ සහිත දරුවන් වෙනුවෙන් සහායක තාක්ෂණික මෙවලම් සහ ඩිජිටල් අධ්‍යාපනික ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහන් ද ආරම්භ කළා වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී මෙන්ම වෘත්තීය අධ්‍යාපන විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපනය ලබාගැනීමේදී ඇතිවන බාධාවන් ඉවත් කර අවශ්‍ය සියලු පහසුකම් සලසා දීමට අප පියවර ගන්නවා.

බොහෝ දෙමාපියන්ගේ හදවතේ තියෙන ලොකුම වේදනාව සහ බය තමයි, අපි නැති කාලයක අපේ දරුවන්ට මොකද වෙන්නේ?  කියන එක. ඒ නිසා ආබාධ සහිත දරුවන්ට ස්වාධීන ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කරන ආර්ථික පදනම සහ කුසලතාවයන් සංවර්ධනය කරගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරදීම අපගේ ප්‍රමුඛ වගකීමක්.

පොහොසත් රටක් ලස්සන රටක් වන්නේ ආර්ථිකයෙන් පමණක් දියුණු වීමෙන් නෙවෙයි. ජීවිත ලස්සන වන්නේ සියලු දෙනාට ආදරය දක්වන, සියලු දෙනා පිළිගන්නා, සියලු දෙනාට ගෞරව දක්වන සමාජයක් ගොඩනැගීමෙන්. ජයග්‍රහණය කියන්නේ අපට මුහුණ දීමට සිදුවන බාධක මත තීරණය වන දෙයක් නෙවෙයි,  ඒ බාධකවලට අප ධෛර්යයෙන් මුහුණ දෙන ආකාරය මතයි ජයග්‍රහණය තීරණය වන්නේ.

ඔබගෙන් අප මුළු සමාජයම සහකම්පනය, ආත්ම විශ්වාසය සහ ධෛර්යය පිළිබඳව ඉගෙනගත යුතුයි."
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

 ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ