
Summary
ඇද හැළෙන අධික වැසි හමුවේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
ඒ අනුව ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන නිකුත් කිරීමටත් තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා අවධානයෙන් සිටින ලෙසත් දන්වා ඇත.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 2 සිට හෙට පස්වරු 2 දක්වා ක්‍රියාත්මක බවද එම සංවිධානය සඳහන් කළේය.
ඒ අනුව අදාළ දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,
රතු නිවේදන දන්වා ඇති ප්‍රදේශ (ඉවත් වන්න)
මහනුවර - පස්බාගේ කොරළය
කෑගල්ල - දෙහිඕවිට, අරණායක, දැරණියගල, මාවනැල්ල, යටියන්තොට
නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර
අවධානයෙන් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ
කොළඹ - පාදුක්ක
ගාල්ල - නාගොඩ, තවලම, නෙළුව
කළුතර - අගලවත්ත, බුලත්සිංහල, පාලින්දනුවර, වලල්ලාවිට
මහනුවර - ගඟ ඉහළ කොරළය
කෑගල්ල - බුලත්කොහුපිටිය, කෑගල්ල
මාතර - අකුරැස්ස, පිටබැද්දර
රත්නපුර - රත්නපුර, අයගම, කුරුවිට, පැල්මඩුල්ල
නුවරඑළිය - තලවකැලේ
විමසිලිමත්භවින් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ
කොළඹ - සීතාවක
ගාල්ල - නියගම, බද්දේගම
ගම්පහ - මීරිගම
කළුතර - ඉංගිරිය
මහනුවර - උඩපලාත, යටිනුවර
කෑගල්ල - ගලිගමුව, වරකාපොල, රුවන්වැල්ල
මාතර - කොටපොල, පස්ගොඩ, අතුරලිය
රත්නපුර - ඇහැලියගොඩ, කලවාන, ඇලපාත



















































