
පසුගිය දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ජාතික පාසල් 150කට හා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 07ක් සඳහා රුපියල් කෝටි 227කට අධික අලාභයක් සිදුව ඇති බව නවතම විගණන වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ.
එම වාර්තාවේ සඳහන් වනුයේ මෙම ආපදාව හේතුවෙන් සිදුවී ඇති අලාභය රුපියල් 2,274,230,000ක් බවට අමාත්‍යාංශයේ ඉංජිනේරු අංශය විසින් ඇස්තමේන්තුගත කර ඇති බවය.
කෙසේ වෙතත් මේ පිළිබඳව මූල්‍ය ප්‍රකාශන තුළ හඳුනා ගැනීම හෝ අනාවරණය කිරීම සිදු කර නොතිබූ බවත් අදාළ විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ අතර දිවයිනෙහි පවත්නා පාසල්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු විද්‍යාල ආදියෙහි යටිතල පහසුකම් සංවර්ධනට අදාළ ප්‍රධාන වගකීම ඉංජිනේරු ශාඛාව වෙත පැවරී ඇති බවත් ඒ අනුව 2025 වසරේ ඉදිකිරීම් 41ක් වෙනුවෙන් රුපියල් 8,432,290,000ක මුදලක් වෙන් කර තිබූ බවත් විගණන වාර්තාවේ සඳහන් වේ.
එහෙත් එම ක්‍රියාකාරකම් තුළින් එම වර්ෂය තුළදී ළඟා කරගත් ප්‍රගතිය පරීක්ෂාවේදී ඉටු නොකල ක්‍රියාකාරකම් 10ක් හා භෞතික ප්‍රගතිය 50ට අඩු ක්‍රියාකාරකම් 16ක්ද පැවැති බවත් විගණන වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.



















































