
Summary
මහවැලි ගඟ ආශ්‍රිතව ඇති තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව ගඟ ඉහළ කෝරළය, උඩපලාත, දොළුව, උඩනුවර, යටිනුවර, ගඟවටකෝරලය, හාරිස්පත්තුව, පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වක් ඇතිවිය හැකි බවට එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව මේ පිළිබඳව අවධානය යොමු කරමින් එම ප්‍රදේශ ආශ්‍රිතව වෙසෙන ජනතාව සහ එම ප්‍රදේශ ආශ්‍රිත මාර්ග භාවිත කරන රියදුරන් කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



















































