
හැටන් ප්‍රදේශයට ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ හැටන් - බගවන්තලාව, මස්කෙළිය, බලංගොඩ මාර්ගයේ දික්ඔය, වනරාජා වත්ත ප්‍රදේශයෙන් විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.
අද (20) උදෑසන 11:00ට පමණ මෙම පස් කන්ඩිය කඩා වැටී ඇති අතර, මේ වන විට හැටන් පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පස් ඉවත්කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
එමෙන්ම, පස් කන්ද යන්ත්‍ර සූත්‍ර යොදා ඉක්මනින් ඉවත් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ද දැනුම් දී ඇති බව හැටන් පොලීසිය පවසයි.
එම ස්ථානයේ තවදුරටත් පස් කදු කඩාවැටීමේ අවදානමක් පවතින බැවින්, එකී මාර්ග කොටසේ ගමන් ගන්නා රියදුරන්ට දැඩි විමසිල්ලෙන් සහ සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස හැටන් පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.



















































