
Summary
පවතින වැසි තත්ත්වය සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විසින් විශේෂ දැනුවත් කිරීමක් කර තිබේ.
එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇද හැළෙමින් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මිලිමීටර් 100 ඉක්මවූ වැසි සම්බන්ධව දැනුම්දීමක්ද සිදුකර ඇති බවය.
එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයද දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක්ද නිකුත් කර ඇති බැවින් මේ සම්බන්ධව ජනතාව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද ඒ මහතා ඉල්ලීමක් ද සිදු කළේය.
"විශේෂයෙන්ම අවධානය යොමු කරන්න නායයෑම් ලක්ෂණ පිළිබඳව. තමන්ගේ ප්‍රදේශයේ ගස්, ලයිට්කණු වැනි දෑ ඇල වේ නම්, පොළොවේ ඇතිවන ඉරිතැළුම්, ආගන්තුක මඩ සහිත දිය උල්පත් ඇතිවීම සහ පවතින උල්පත් සිඳී යාම වැනි දෑ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා වගේම එම ප්‍රදේශවලින් තාවකාලිකව ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා මෙම ලක්ෂණ දුටු වහාම."



















































