
තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි තායිලන්ත ජාතික කාන්තාවන් තිදෙනෙකු කුෂ් සහ හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අද (20) අළුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීම් දෙකකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී පළමු වැටලීමේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 3 යි ග්‍රෑම් 220 ක් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 යි ග්‍රෑම් 852 ක් ළඟ තබාගෙන සිටි 38 හැවිරිදි තායි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊට අමතරව සිදුකළ දෙවන වැටලීමේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1 යි ග්‍රෑම් 994 ක් සහ හෂිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 620 ක් සමඟ 31 හැවිරිදි තායි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එම ගුවන් යානයෙන්ම පැමිණි 36 හැවිරිදි තවත් තායි කාන්තාවක ද අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි.



















































