
හොරණ පොලිස් වසමේ ඉළිඹ හන්දියේ ඇලෙන් එගොඩ පිහිටි පාළු ඉඩමක පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් සිටින බවට හොරණ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 51ක් වූ පොකුණුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අද (17) මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලීසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.



















































