header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
අලුත් අවදානමක් ගැන NBRO අනතුරු අඟවයි
අලුත් අවදානමක් ගැන NBRO අනතුරු අඟවයි
Mobitel 1278

දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ ඇතැම් ස්ථානවල නායයෑම් පූර්ව ලක්ෂණ මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ, ආචාර්ය වසන්ත සේනාධීර මහතා අද (16) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ, මේ දින කිහිපය තුළ ඇති වූ වැසි සහිත කාලගුණය හේතුවෙන් ඇතැම් ස්ථානවල මෙලෙස අවදානම් ලක්ෂණ මතුව ඇති බවය.

දිට්වා සුළි කුණාටුව හමුවේ නාය නොගිය එහෙත් පස් සහ ගල් පහළට ගලාවිත් තිබූ ස්ථානවල දැඩි වර්ෂාවක් හමුවේ නායයෑමක් සිදුවිය හැකි බැවින් වඩාත් කල්පනාකාරී විය යුතු බවද වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉදිරියේ දී ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇති අධික වර්ෂාව හමුවේ නායයෑම් සක්‍රීය වීමේ අවදානම් ඇති බවද සඳහන් කර සිටි සේනාධීර මහතා, මේ වනවිට නායයෑම් හේතුවෙන් අධි අවදානම් සහිත පවුල් 30,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවද පැවසීය.

අධික වර්ෂාවක් පවතින විටක නායයෑම් සහිත ප්‍රදේශයක ජීවත් වන්නේ නම් හැකි ඉක්මනින් අදාළ ප්‍රදේශවලින් ඉවත්ව ජීවිත රැකගන්නා ලෙසත් නායයෑම් නැරඹීමට කිසිදු අවස්ථාවක එම ප්‍රදේශ වෙත නොයන ලෙසත් වසන්ත සේනාධීර මහතා මහජනතාවට දැනුම්දෙයි.

“තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න. විශේෂයෙන් මේ වනවිට පසුගිය වසර 15 ඇතුළත අධි අවදානම් පවුල් 15,000ක් පමණ අපි හඳුනාගෙන තියෙනවා. පවුල් 5,000ක් විතර නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙල කරගෙන යනවා. හැබැයි මේ දිට්වා සිද්ධිය සමඟ නැවත අධි අවදානම් පවුල් 16,793ක් මේ වෙද්දි හඳුනාගෙන තියෙනවා. මේ ප්‍රමාණය අනිවාර්යයෙන්ම තවත් වැඩිවෙනවා. මොකද නිරීක්ෂණ කටයුතු අවසන් වෙලා නැති නිසා. මේකෙන් පේනවා මේක කොච්චර තද බල විදියට අපිට බලපාලා තියෙනවා ද කියලා. ඔක්කෝම එකතුව ගත්තොත් පවුල් 30,000කට වැඩිය අධි අවදානම් තත්ත්වයේ පවතිනවා. තොරතුරු නැති පවුල් මීට වඩා වැඩි වෙන්න පුළුවන්.

තමන්ගේ ප්‍රදේශයට අධික වර්ෂාවක් ලැබෙනවා නම් ආරක්ෂිත ස්ථාන වෙත ගිහින් ජීවිත ආරක්ෂාව සලසා ගන්න. දිට්වාවලින් අනතුරුව අපි ආරක්ෂිත යැයි හඳුනාගෙන තිබූ ස්ථානත් අනාරක්ෂිත තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ නිසා මෙය මීට පෙර අත්නොදැකපු තත්ත්වයක් අපිට මුහුණදෙන්න වුණ. ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා සියලු නිවේදන ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා ගෙනයන බොරු ප්‍රචාරයන්ට ඔබ සවන් දෙන්න එපා. ඒ අනුව ක්‍රියාත්මක වෙන්න එපා. විශේෂයෙන්ම රජයේ ආයතන නිල වශයෙන් ලබාදෙන තොරතුරු මත පදනම්ව තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න.”

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල