
පොලිස් නිෂ්කාශන සහතික පත් ලබාගැනීමට අදාළව ගැටලු ඉදිරිපත් කිරීම සඳහා නව දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.
පැය 24 පුරා ක්‍රියාත්මක අදාළ දුරකථන අංක ඔස්සේ පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය අමතා අයදුම්කරුවන්ට නිෂ්කාශන අයදුම්පත් යොමුකිරීමට අදාළව ගැටලු ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.
පරිගණක පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පොලිස් නිෂ්කාශන සහතික ලබාගැනීම සඳහා අයදුම්පත් යොමුකිරීම මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබේ.
නිෂ්කාශන පරිගණක පද්ධතිය යථාවත් වන තුරු ප්‍රාදේශීය පොලිස් ස්ථාන මට්ටමින් අදාළ නිෂ්කාශන සහතික ලබාගැනීම සඳහා වන අයදුම්පත් භාරගැනීම සිදුවන බව මාධ්‍ය පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා සඳහන් කළේය.



















































