
එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක 8ක පවුල් 49,344කට අයත් පුද්ගලයින් 161,451 දෙනෙකු පීඩාවට පත්ව ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (12) උදෑසන නිකුත්කළ නවතම දත්ත වාර්තාවට අනුව දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක් එල් නිනෝ බලපෑමට ලක්ව තිබේ.
කෙසේ නමුත් පීඩාවට පත් ජනතාව සඳහා අඛණ්ඩව පානීය ජලය සැපයීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36හිම ජීවත්වන පවුල් 43,221කට අයත් පුද්ගලයින් 141,312 දෙනෙකු වෙනුවෙන් මේ වනවිට පානීය ජලය බෙදා හැරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
මෙලෙස පානීය ජල ගැටලුවට මුහුණදී සිටින්නේ අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, මාතලේ, මොනරාගල, පොළොන්නරුව හා රත්නපුර දිස්ක්‍රික්ක වේ.
ඉන් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කය වන අතර, එහි පවුල් 13,139කට අයත් පුද්ගලයින් 42,429ක් පීඩාවට පත්ව සිටියි.
කෙසේ නමුත් එම සියලුම ජනතාවට පානීය ජලය බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇති බව අදාළ වාර්තාවේ සඳහන්ය.



















































