
පිටිගල, මිරිස්වත්ත ප්‍රදේශයේදී 2015 වසරේදී සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වූ විත්තිකරුවෙකුට බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී.
මෙසේ මරණීය දණ්ඩනය නියම වී ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි වින්තුව රාජ් චන්ද්‍ර මෝගන් යන අයටය.
පිටිගල පොලිස් වසමේ මිරිස්වත්ත ප්‍රදේශයේදී 2015 අප්‍රේල් මස 14 වන දින මාණික්ය මෝර්එන් යන අයට පොල්ලකින් පහරදී බරපතළ තුවාල සිදුකර මෙම ඝාතනය සිදු කර තිබිණි.
උතුරු පිටිගල සෝම සුන්දරම් ක්‍රිශ්න කුමාර් යන අය විසින් පිටිගල පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
බලපිටිය මහාධිකරණයේ සිආර්අයි 2264/2019 යන නඩු අංකය යටතේ දිගුකාලීනව විභාග වූ මෙම නඩුවේ තීන්දුව ඊයේ (10) ප්‍රකාශයට පත් කරමින්, දණ්ඩ නීති සංග්‍රහයේ 32 වන වගන්තිය සමග කියැවෙන 296 වන වගන්තිය යටතේ විත්තිකරු මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරදට මෙලෙස වරදකරු කර තිබේ.



















































