header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක් - යුද සමයේදී එල්ටීටීඊයෙන් ලබාගත් බවට සැකයක්
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක් - යුද සමයේදී එල්ටීටීඊයෙන් ලබාගත් බවට සැකයක්
Mobitel 1278

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක් සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදු කර තිබේ.

ඉන් තුනක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසය තුළ සිදුව තිබීමත් විශේෂත්වයකි.

මෙලෙස මෑත කාලීනව බස්නාහිර පළාත තුළ පාතාල කල්ලිවල බෝම්බ භාවිතය පිළිබඳව පොලිසියේ දැඩි අවධානය යොමුව ඇත.

යුද සමයේදී එල්ටීටීඊයෙන් ලබාගත් බෝම්බ මෙලෙස ඔවුන් විසින් භාවිත කරන බවට සැකයක් මතුව ඇති අතර ඒ අනුව ඉදිරියේදී අපරාධ මර්දනයට කටයුතු කිරීම සදහා ත්‍රිවිධ හමුදාවද එක්කරගැනීමට පොලිසියේ අවධානය යොමුව ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.

මේ අතර දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට අද (11) අළුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් ළමයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඔවුන්ගේ පියා තුවාල ලැබීය.

එලෙස මියගියේ 17 හැවිරිදි කසුන් රශ්මික හා ඔහුගේ සහෝදරයා වන  11 හැවිරිදි දුමින්ද ගිහාන් නමැති දරුවන් දෙදෙනාය.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ 55 හැවිරිදි ඔවුන්ගේ පියා වන නලින් තුසන්ත පෙරේරා රෝහල්ගත කර ඇති අතර ඔහුගේ පාදයකට තුවාල සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ඔහුට එරෙහිව කිසිදු අපරාධ ඉතිහාසයක් හෝ චෝදනාවක් නොමැති බව පොලිසිය පැවසීය.

අත්වැරදීමකින් අදාළ නිවසට නාඳුනන පුද්ගලයෙකු විසින් බෝම්බ ප්‍රහාරය එල්ලකර ඇති බවට සැකකරන බව පොලිසිය සඳහන් කළේය.

දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීමේ සිදුවීම වාර්තා වුණේ අද අළුයම තුනට පමණය.

සැකකරු බෝම්බ ප්‍රහාරය එල්ල කළ නිවසෙහි දොරට තට්ටුකර ඇති අතර, නිවැසියන් විසින් එය විවෘත කිරීමෙන් අනතුරුව නිවස තුළට බෝම්බය එල්ලකර ඇති බවයි පොලිසිය කීය.

එහිදී නිවසේ නිදාසිටි දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

කෙසේවෙතත් අසල්වැසි නිවසේ ඔවුන්ගේ ඥාතීන් පිරිසක් වාසය කරන අතර ඔවුන්ට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා පවතින බවත්, ඔවුන් බඩෝවිට අසංක නම් විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුගේ සමීපතමයන් බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව අදාළ නිවස හා මියගිය දරුවන් පදිංචිව සිටි නිවස නිසිලෙස හඳුනාගැනීමට නොහැකිව මෙම බෝම්බ ප්‍රහාරය එල්ලකර ඇති බවට සැකකරන බව පොලිසිය කියා සිටියි.

පෙරේදා දිනයේදී කළුබෝවිල පිහිටි නිවසකට බඩෝවිට අසංකගේ පාර්ශ්වය විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය සඳහන් කරයි. සිද්ධිය පිළිබඳව ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය අද උදෑසන සිදු කෙරුණි.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් මගින් විමර්ශන ආරම්භ කෙරුණු පසුබිමක, ප්‍රහාරය සඳහා යොදාගත් ත්‍රිරෝද රථය පහළ බෝපේ ප්‍රදේශයේදී දමාගොස් තිබියදී සොයාගත් බව සඳහන්ය. 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

ආර්ථික අර්බුදයේ විඳපු දුක් යළි මතක් කළ මහබැංකු අධිපති | Ada Derana

ආර්ථික අර්බුදයේ විඳපු දුක් යළි මතක් කළ මහබැංකු අධිපති | Ada Derana

ණය වැඩසටහනේ 7වැනි සමාලෝචනයට ආ IMF දූත පිරිස | Ada Derana

ණය වැඩසටහනේ 7වැනි සමාලෝචනයට ආ IMF දූත පිරිස | Ada Derana

අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

 මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

 මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

Lassana Flora
Spotlight
පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana