header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
වියානා ඇළ මත මෙගාවොට් 05ක සූර්ය බල නියමු ව්‍යාපෘතියක්
වියානා ඇළ මත මෙගාවොට් 05ක සූර්ය බල නියමු ව්‍යාපෘතියක්
Mobitel 1278

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ මෙරට ප්‍රථම Canal-Top Solar නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික ශක්‍යතා අධ්‍යයන සහ ඉදිරි කටයුතු කඩිනමින් සිදු කිරීමට රජය අවධානය යොමු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා 09 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මූලික ක්ෂේත්‍ර නිරීක්ෂණයක් පසුගිය ජූලි 20 වන දින මහියංගනය වියානා ඇළ ආශ්‍රිතව සිදුකර තිබූ අතර, එහිදී හඳුනාගත් කරුණු සහ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

භූමිය මත සූර්ය බලාගාරයක් ඉදිකිරීමේදී විශාල ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය වන නමුත්, ඇළ මාර්ගයට ඉහළින් සූර්ය පැනල සවිකිරීම මගින් අමතර භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමකින් තොරව පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී පැවසීය.

බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ ලෝකයේ රටවල් රැසක ඇළ මාර්ග මත සූර්ය පැනල සවිකර විදුලිය නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය මේ වන විට භාවිතයට ගෙන ඇති බවය.

ශ්‍රී ලංකාවට එය නව අත්දැකීමක් වුවද, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සංකල්පයක් අනුව මහියංගනය වියානා ඇළ සම්බන්ධයෙන් සිදුකළ මූලික අධ්‍යයනයෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු ආරම්භ කර ඇති බවද අමාත්‍ය අනුර කරුණාතිලක මෙහිදී පැවසීය.

වියානා ඇළ කිලෝමීටර් 20කට අධික දිගකින් යුතු පුළුල් ඇළ මාර්ගයක් වන අතර, වසරේ වැඩි කාලයක් ප්‍රශස්ත සූර්යාලෝකයක් ලැබීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය සඳහා සුදුසු ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව, වියානා ඇළ ආශ්‍රිතව පළමු අදියර ලෙස මෙගාවොට් 05ක විදුලි ධාරිතාවක් ජනනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර, එම ධාරිතාව ජනනය කිරීම සඳහා වියානා ඇළේ කිලෝමීටර් 05ක පමණ කොටසක් සූර්ය පැනල මගින් ආවරණය කිරීමට අවශ්‍ය වන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් හඳුනාගෙන තිබේ.

මෙම නියමු ව්‍යාපෘතියේ ශක්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව, වියානා ඇළේ පවතින සම්පූර්ණ දිග සහ අනෙකුත් සුදුසු ඇළ මාර්ගද මෙවැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා යොදාගැනීමේ හැකියාව පිළිබඳව ඉදිරියේදී අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම සාකච්ඡාව සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා සහ රවින්ද්‍ර බණ්ඩාර මහතා යන අයද, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර, ලංකා විදුලි බෙදාහැරීමේ සමාගම, වනජීවි දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මහජන උපයෝගිතා කොමිසම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක නිළධාරින් සහභාගි වූහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

ආර්ථික අර්බුදයේ විඳපු දුක් යළි මතක් කළ මහබැංකු අධිපති | Ada Derana

ආර්ථික අර්බුදයේ විඳපු දුක් යළි මතක් කළ මහබැංකු අධිපති | Ada Derana

ණය වැඩසටහනේ 7වැනි සමාලෝචනයට ආ IMF දූත පිරිස | Ada Derana

ණය වැඩසටහනේ 7වැනි සමාලෝචනයට ආ IMF දූත පිරිස | Ada Derana

අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

 මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

 මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

Lassana Flora
Spotlight
පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana