header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු 2015න් පසු සංශෝධනය කර නැහැ - GMOA
සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු 2015න් පසු සංශෝධනය කර නැහැ  - GMOA
Mobitel 1278

සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වර්ෂයෙන් පසු මේ දක්වා කිසිදු වතාවක පූර්ණ ලෙස සංශෝධනය කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය සේවයම බිඳවැටීමේ ආසන්න තත්ත්වයට පත්ව ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩිව අවධාරණය කරයි.

දශක ගණනාවක් පුරා අඩු වියදමින් ඉහළ ඵලදායිතාවයක් පෙන්වමින් ජාත්‍යන්තර ප්‍රසාදයට ලක් වූ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය, වත්මන් පරිපාලනමය හා ප්‍රතිපත්තිමය ගැටලු හමුවේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සාමාන්‍යයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිසි ප්‍රමිතියෙන් හා සංඛ්‍යාවෙන් පවත්වා ගැනීම සඳහා වසර පහකට වරක් අමාත්‍යාංශය මඟින් කාර්ය මණ්ඩල පුරප්පාඩු සංශෝධනය කළ යුතුව ඇතත් දිවයින ආවරණය වන පරිදි පූර්ණ මට්ටමින් සිදු කළ අවසන් කාර්ය මණ්ඩල සංශෝධනය වාර්තා වී ඇත්තේ 2015 වර්ෂයේ බව එම නිවේදනයේ සඳහන් වේ.

එහෙත් පසුගිය දශකය තුළ රෝහල් වෙත පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව, සිදු කරන ශල්‍යකර්ම හා අනෙකුත් වෛද්‍ය ක්‍රියාපටිපාටි මෙන්ම පරීක්ෂණ ප්‍රමාණයද අතිමහත් ලෙස ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මීට අමතරව, නව රෝහල් සහ සුව සේවා ඒකක පිහිටුවීමත්, ප්‍රතිකාර සේවාවන්හි සංකීර්ණතාවය හා නව තාක්ෂණික ක්‍රමවේද භාවිතය ඉහළ යාමත් සිදුවී ඇත්තේ 2015 වසරේ පැවති පැරණි අනුමත කාර්ය මණ්ඩල සීමාවන් මත පිහිටිමින් බව සඳහන්වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස සේවාවන් තවදුරටත් පුළුල් වීමත් සමඟ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් බඳවා ගැනීමේ ක්‍රියාවලියට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් විශේෂයෙන්ම පසුගිය ආර්ථික අර්බුද සමයේ සැලකිය යුතු වෛද්‍යවරුන් පිරිසක් රට හැර යාම හේතුවෙන් සෞඛ්‍ය සේවයට අහිමි වූ වෛද්‍යවරුන් සංඛ්‍යාව දහස් ගණනක් බවත් ඔවුන් පවසයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අඛණ්ඩව සාකච්ඡා කර තිබුණද, මේ දක්වා කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව එම සංගමය සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමාණයන් නිර්ණය කිරීම සඳහා පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේද පැවතුණද, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එවැනි නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන බවක් පෙනෙන්නට නොමැති බවත් මේ සම්බන්ධයෙන් සති දෙකට පමණ ඉහතදී තොරතුරු දැනගැනීමේ පනත (RTI) යටතේ විමසීම් කළද, මේ දක්වා කිසිදු සාධනීය පිළිතුරක් ලැබී නොමැති බව එම සංගමය පෙන්වා දෙයි.

වත්මන් රජය විසින් යෝජනා කරනු ලබන සෞඛ්‍ය සේවයේ ප්‍රතිසංවිධානයන් සහ නව වැඩපිළිවෙළවල් සාර්ථක කර ගැනීමට නම් පුහුණු කාර්ය මණ්ඩලයක අවශ්‍යතාවය අත්‍යවශ්‍ය වන බැවින්, වහාම සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු සංශෝධනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

ආර්ථික අර්බුදයේ විඳපු දුක් යළි මතක් කළ මහබැංකු අධිපති | Ada Derana

ආර්ථික අර්බුදයේ විඳපු දුක් යළි මතක් කළ මහබැංකු අධිපති | Ada Derana

ණය වැඩසටහනේ 7වැනි සමාලෝචනයට ආ IMF දූත පිරිස | Ada Derana

ණය වැඩසටහනේ 7වැනි සමාලෝචනයට ආ IMF දූත පිරිස | Ada Derana

අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

 මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

 මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

Lassana Flora
Spotlight
පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana