
ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ලලිත් කන්නන්ගර හෙවත් “බස් ලලිත්” ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත හංවැල්ල ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ගිනිඅවි කිහිපක් සොයාගෙන තිබේ.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේ එම ස්ථානයේ තිබී T-56 ගිනි අවියක්, රිපීටර් වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝලයක් සොයාගත් බවය.

















































