
මෙරට කම්කරු නීති පද්ධතිය යාවත්කාලීන කිරීමේ කටයුතු වත්මන් පාලනය යටතේ කඩිනමින් සිදුවෙමින් පවතින බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, දකුණු ආසියාවේ කම්කරු නීති ප්‍රතිසංස්කරණය පිළිබඳ කලාපීය වෘත්තීය සමිති හුවමාරුව දෙදින වැඩමුළුවට එක්වෙමිනි.
මෙම වැඩමුළුව පසුගියදා කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මේ සඳහා ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ ශ්රී ලංකාව නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයෝ රැසක් එක්ව සිටියහ.
මෙහිදී ඒ ඒ රටවල කම්කරු නීතිවල වත්මන් තත්ත්වය සහ ප්‍රතිසංස්කරණය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

















































