
දිවුල්වැව, වැලිගොල්ලෑව මාර්ගයේ රඹවල වැව් බැම්ම මත ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වැව් බැම්මේ බැඳ සිටි ගවයෙකු බේරීමට උත්සාහ කිරීමේදී ට්‍රැක්ටර් රථය පාලනය කරගත නොහැකිව වැව් බැම්මෙන්, වැව දෙසට පෙරළී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ට්‍රැක්ටර් රථයේ රියැදුරු ඇතුළු එහි ගමන් කළ පුද්ගලයින් තිදෙනෙකු කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එක් තරුණයෙකු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වැලිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් දිවුල්වැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

















































