
අධි ධාරිතා යතුරුපැදි 4ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු නිකවැරටිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ සයිලන්සර් සවිකර,ව්‍යාජ අංක තහඩු භවිතා කරමින් අදාළ යතුරුපැදි ධාවනය කර තිබූ බව පොලීසිය සඳහන් කළේය.
වයස අවුරුදු 18ත් 22ත් අතර වයසේ පසුවන සැකකරුවන් නිකවැරටිය, විත්තිකුලිය, කොබෙයිගනේ සහ තුත්තිරිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

















































