
බලංගොඩ, පින්නවල - එල්ලාරාව ප්‍රදේශයේ පදිංචිව සිට අතුරුදන් වූ පාසල් සිසුවියන් තිදෙනා ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ.
17 හැවිරිදි මෙම සිසුවියන් තිදෙනා අතුරුදන් බවට බලංගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
ඔවුන් බලංගොඩ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපන ලබමින් සිට ඇති අතර උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා නිවෙසින් පිටව ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමාපියන් විසින් පොලීසියට පැමිණිලි කර තිබුණි.

















































