header logo
SLIC
උණුසුම් පුවත්
හග්ගලදී පුද්ගලයෙකු යටකර මාරක අනතුරක් කළ බස් රථයට ධාවන තහනමක්
1h ago
හග්ගලදී පුද්ගලයෙකු යටකර මාරක අනතුරක් කළ බස් රථයට ධාවන තහනමක්
Mobitel 1278

නුවරඑළිය, හග්ගල ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයකු යටකර මාරාන්තික අනතුරක් සිදුකළ බස් රථය දීර්ඝ කාලයක සිට නිසි ලෙස නඩත්තු නොකිරීම සහ නඩත්තු අඩුපාඩු රැසක් පැවතීම හේතුවෙන් එම බස් රථය තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

පසුගිය 23 වනදා පාසල් ළමුන් පිරිසක් රැගෙන හග්ගල උද්භිත උද්‍යානය නැරඹීමේ චාරිකාවකට පැමිණි මෙම බස් රථය, හග්ගල - වැලිමඩ මාර්ගයේ බෑවුම් සහිත ප්‍රදේශයක ධාවනය වෙමින් තිබියදී රත්නපුර ප්‍රදේශයේ සිට පැමිණි සංචාරකයකු මාර්ගය හරහා මාරුවීමටයාමේදී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථය සහ එහි රියදුරු නුවරඑළිය පොලිසියේ රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රථය නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරයාගේ පරීක්ෂාවට යොමුකර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ මෙම බස් රථය "සිසු සැරිය" නාමය අවභාවිත කරමින් ධාවනය කර ඇති බවයි.

ඊට අමතරව සිදුකළ තාක්ෂණික පරීක්ෂාවේදී පහත සඳහන් බරපතළ දෝෂ රැසක් නිරීක්ෂණය වී තිබේ.

බස් රථයේ රෝද හතරෙන් තුනකට පමණක් තිරිංග ක්‍රියාත්මක වීම සහ තිරිංග බූස්ටරය අක්‍රිය කර තිබීම.
අත් තිරිංගපද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය තත්ත්වයේ පැවතීම.
ටයර් දිරාපත් වී තිබීම සහ සියලුම රෝදවල නට් එක බැගින් ගලවා ඉවත් කර තිබීම.
පා පුවරුවේ තහඩු ගෙවී පිහිතල මෙන් ආපාදකර ලෙස පැවතීම.
කැබිනට් වීදුරු යොදා අලුත්වැඩියා කර තිබීම නිසා අනතුරකදී එම වීදුරු උල් සහිත ලෙස තියුණුව බිඳී යාමේ අවදානම පැවතීම.

මේ පිළිබඳව අදහස් දක්වමින් නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා සඳහන් කළේ, අදාළ සියලු අඩුපාඩුකම් සම්පූර්ණයෙන් සකස් කර නැවත තමා වෙත ඉදිරිපත් කරන තෙක් බස් රථය තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවත්, ඒ පිළිබඳව බස් රථයේ හිමිකරුට අවශ්‍ය උපදෙස් ලබාදුන් බවත්ය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට