
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් සංඛ්‍යාව 67ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ, අතරින් පෙත්සම් 41ක් මාර්ගගත ක්‍රමයට ගොනුකර තිබීම විශේෂත්වයකි.
ඊට අමතරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් සංඛ්‍යාව 5කි.
ඒ අනුව අද (01) පෙරවරු 10ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිතව තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිතය.
මේ අතර මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ සවස නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කර තිබේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 18 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු අතර ඉන් අනතුරුව එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනුකිරීමට අවස්ථාව ලබාදී තිබුණි.
ඒ අනුව අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කළ අතර ඒ සඳහා අගවිනිසුරුවරයාට අමතරව අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන් නම් කරනු ලැබීය.

















































