
වෛද්‍ය නිලධාරීන් සදහා අතරමැදි ශ්‍රේණියක් පිහිටුවීමේ යෝජනාව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට සය පුද්ගල කමිටුවක් පත්කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් අදාළ කමිටුව පත්කර ඇති බව වාර්තා වේ.
එම කමිටුවේ සභාපතිවරයා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පත්කර ඇත.
කමිටුවේ ලේකම්වරයා ලෙස වෛද්‍ය අමිල සුරංග මහතා පත්කර ඇති අතර වෛද්‍ය ඩබ්ලිව්.කේ වික්‍රමසිංහ, වෛද්‍ය සමින්ද සමරකෝන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී.එන්.පී ඕපාත සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දිලීප් ද සිල්වා මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.
මෙම විශේෂඥ කමිටුව මගින් අතරමැදි ශ්‍රේණිය නිර්වචනය කිරීම, ඊට ඇතුළත් වන වෛද්‍ය විශේෂඥතා ක්ෂේත්‍ර හදුනා ගැනීම, වෛද්‍ය නිළධාරීන් අදාළ ක්ෂේත්‍රයට තෝරා ගැනීමේ පටිපාටිය, ඔවුන් එහි සේවය කළ යුතු කාල සීමාව, ඔවුනට හිමිවන ප්‍රතිලාභ සහ ස්ථාන මාරු ක්‍රියාවලිය පිළිබද පුළුල් අධ්‍යයනයක් කිරීමට නියමිතව ඇත.
අදාළ වෘත්තීය විද්‍යායතන සහ පාර්ශවකරුවන්ගේ ද අදහස් යෝජනා ලබා ගනිමින් මසක් ඇතුළත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත නිර්දේශ ඉදිරිපත් කරන ලෙස එම කමිටුවට දැනුම් දී ඇති බව ද සඳහන්.

















































