
තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
අද (31) උදෑසන එල්ල වූ බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් 16 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.
හැටන් පොලිස් වසමට අයත් වන රාජා වත්ත ඉහළ කොටසේ 7වන තේ යායේ ගසක සහ ගලක් මත බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සී ඒ අසළ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට මෙලෙස පහර දී ඇති බව සඳහන් වෙයි.
බඹර ප්‍රහාරයට ලක් වු පිරිස මුදා ගැනීමට දුමාරයක් ඇතිකර උත්සහ කලද එම දුමාරය ඇතිකල පිරිසට ද බඹරුන් පහර දුන් බව බඹර ප්‍රහාරයට ලක් වූ වතු කම්කරුවෙකු කියා පවසා තිබේ.

















































