
ජාතික ජන බලවේගයේ වඩමරාච්චි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නෙල්ලිඅඩි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, නෙල්ලිඅඩි ප්‍රදේශයේ පිහිටා ඇති විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකුගේ නිවසේ ආරක්ෂිත කැමරාවට අලාභ හානි සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරියා විසින් නෙල්ලිඅඩි පොලිසියට පැමිණිලි කර ඇති අතර එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
ඉන් අනතුරුව මොවුන් පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදාහැර ඇති අතර හෙට (31) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට දැනුම්දී තිබේ.

















































