
සාරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සාරංග ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
සැකකරු පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති අතර ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට ගිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා සහ බුද්ධි සේවයේ නිලධාරීන් ලබා දුන් තොරතුරු අනුව ඩුබායි පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය ද තිබී හමුව ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත් සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධව මේ වන තෙක් මෙරටට දැනුම්දී නොමැති බවද සඳහන් වේ.

















































