header logo
SLIC
උණුසුම් පුවත්
වැල්ලේ සාරංගගේ පැටිකිරිය
1h ago
වැල්ලේ සාරංගගේ පැටිකිරිය
Mobitel 1278

මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගමගේ සාරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සාරංග නැමැත්තා ඩුබායිහිදී අත්අඩංගුවට ගනු ලැබීය.

මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙක් පසුගියදා ඩුබායි රාජ්‍යයට ගොස් තිබුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ලලිත් කන්නන්ගර නොහොත් 'බස් ලලිත්' අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම සඳහාය.

සාරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සාරංග නැමැති අපරාධකරු සම්බන්ධයෙන් ද විමර්ශන කණ්ඩායම වෙත ඒවන විට තොරතුරු ලැබී තිබුණි.

ඒ අනුව වැල්ලේ සාරංග නැමැත්තා සම්බන්ධයෙන් සොයාගත් සියලු තොරතුරු ද මෙරට විමර්ශන කණ්ඩායම ඩුබායි ආරක්ෂක අංශ වෙත ලබාදී ඇත.

ඩුබායි ආරක්ෂක අංශ සැකකාර වැල්ලේ සාරංග නැමැත්තා සොයා මෙහෙයුම් දියත් කළේ ඒ අනුවය.

එම මෙහෙයුම සාර්ථක වී ඇති අතර මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගමගේ සාරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සාරංග නැමැත්තා ඩුබායිහි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ සමත්ව ඇත.

ඩුබායිහි දී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය ද සොයාගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඔහු සමග තවත් පුද්ගලයින් පිරිසක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන්.

වැල්ලේ සාරංග නැමැත්තාට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලව තිබෙන අතර ප්‍රධාන චෝදනාව ගංජා ජාවාරම වේ.

එසේම, 2018 පෙබරවාරි 15 වැනිදා මෝදර ලෙල්ලම ප්‍රදේශයේදී මත්ද්‍රව්‍යවලට විරුද්ධ වූ කාන්තාවකට වෙඩිතබා ඝාතනය කිරීම ද මොහුට එල්ලවූ තවත් චෝදනාවකි.

සැකකරු 2017 මැයි 30 වැනිදා මෝදර රොක්හවුස් පටුමගේදී තියුණු ආයුධයක් සන්තකයේ ඇතිව වෙරළබඩ පොලිසිය මගින් අත්අඩංගුවට පත්ව ඇති අතර, එමෙන්ම බ්ලූමැන්ඩල් පොලිසිය මගින් 2022 අප්‍රේල් මස 20 වැනිදා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රුසියාවේ නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ දෙකක් සන්තකයේ තබාගැනීමට අදාළවය.

2017 වසරේ ජූලි මස 04 වැනිදා මට්ටක්කුලිය ප්‍රදේශයේ අයුතු ජන රාශියක සාමාජිකයෙක් වීම හා නිවාස 6කට හා ත්‍රි රෝද රථ 06කට හානි සිදුකර අනර්ථය කිරීමේ චෝදනාවටද මොහු අත්අඩංගුවට පත්ව ඇත.

එසේම සැකකරු 2018 වසරේ පෙබරවාරි මස 15 වැනිදා මට්ටක්කුලිය ප්‍රදේශයේදී අවුරුදු 15ක පිරිමි දරුවෙක් පැහැරගැනීමක් සම්බන්ධයෙක්ද චෝදනාවට ලක්ව තිබේ.

එසේම මිනිමැරීම් සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ද චෝදනා එල්ලවන මෙම සැකකරු 2020 වසරේදී අනීතික අයුරින් විදෙස්ගත වීමට යාමේදී මෙරට ආරක්ෂ අංශ භාරයට පත්ව ඇති බවටත් තොරතුරු වාර්තා වේ.

මෙවන් අපරාධ රාශියක් සිදුකිරීමෙන් අනතුරුව සැකකරු ඩුබායි රාජ්‍යයට පලාගොස් ඇති බවද සඳහන්.

කෙසේවෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිල වශයෙන් මෙරට ආරක්ෂක අංශ දැනුවත් කර නොමැති නොමැති බවද වාර්තා වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව