
ඇහැළියගොඩ, නැදුරන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.
දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ ඇහැළියගොඩ, ඇරාපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකි.
සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැළියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

















































