
මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් තිදෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පසුගිය 28 වන දින කටාන පොලිස් වසමේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙනි.
එම ඝාතනය සම්බන්ධව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
එහිදී විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම ඝාතනය සිදුකළ සැකකරු සහ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දින අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23,47 හා 49 වයස්වල පසුවන කදිරාන, ඒත්තුකාල සහ කොච්චිකඩේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටාන පොලීසිය විසින් සිදුකරයි.

















































