
හොරණ කොළඹ මාර්ගයේ ගෝනපල හන්දිය ආසන්නයේදී කන්ටේනර් රථයක් පෙරළීමෙන් මාර්ගයේ එක් මංතීරුවක් අවහිරවී ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි.
අද (29) අලුයම 1ට පමණ මෙම අනතුර සිදුවී ඇත.
හොරණ කර්මාන්ත පුරයේ සිට කොළඹ වරාය දක්වා ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබේ.
පොලිසිය සඳහන් කළේ කන්ටේනර් රථය පැමිණි වේගයෙන්ම වංගුව පසු කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවය.
මෙම අනතුරත් සමග මොරගහහේන පොලිස් වසමේ 120 මාර්ගයේ පැය 6 ක් තුළදී සිදුවූ දෙවැනි කන්ටේනර් අනතුර මෙය වෙයි.
ඊයේ දිනයේද හොරණ සිට කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් මාර්ගයේ තිබූ විදුලි කණුවක ගැටී ඉදිරිපස මුහුණ කොටස ගැලවී, පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබුණි.

















































