
නේපාලයේ සිදුවූ හදිසි ජල ගැලීම් හේතුවෙන් මේ වන විට අතුරුදන්ව ඇති සංඛ්‍යාව 2,000කට ආසන්න බව එරට ආපදා සහන ඒජන්සිය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර මෙම ආපදාවෙන් මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් මේ වන විට පුද්ගල මරණ 579ක් වාර්තා වී ඇතැයිද එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.
ආපදාවෙන් අතුරුදන් පිරිස සොයා තවදුරටත් විමර්ශන පැවැත්වෙන අතර මෙම විමර්ශනයේ ප්‍රතිපළ මත ඇතැම් පිරිසකගේ මළ සිරුරු සොයා ගැනීමටද හැකිව තිබේ.
මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් සිරව සිටි පුද්ගලයින් 4,000කට අධික ප්‍රමාණයක් බේරා ගැනීමටද එරට සහන සේවා කණ්ඩායම් සමත්ව ඇති බවත් සඳහන් වේ.

















































