
නේපාලයේ රසුවා ප්‍රදේශයේ ඇති වූ හදිසි ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ විදේශිකයින් අතර කිසිඳු ශ්‍රී ලාංකිකයෙකු නොමැති බව නේපාල සංචාරක මණ්ඩලය තහවුරු කර තිබේ.
ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවේ ඒ පිළිබඳව දක්වා ඇත.
අදාළ වාර්තාවේ දත්තවලට අනුව රටවල් 32කට අයත් විදෙස් ජාතිකයින් 517ක් මේ වන විට අතුරුදන්ව සිටී.
මෙම ආපදාව හේතුවෙන් අතුරුදන් ව ඇති සමස්ත පුද්ගලයින් ප්‍රමාණය 644ක් වන අතර එහි නේපාල ජාතිකයින් 127ක් සිටින බවද සඳහන්.
අතුරුදහන් වූ විදෙස් ජාතිකයින් අතරින් වැඩිම පිරිසක් ඉන්දියානු ජාතිකයන් වන අතර එම සංඛ්‍යාව 178කි.
එමෙන්ම අමෙරිකානු ජාතිකයින් 65ක්, යුක්‍රේන ජාතිකයින් 53ක්, මැලේසියානු ජාතිකයින් 51ක් හා ඕස්ට්‍රේලියාවෙන් 35ක් ද මෙලෙස අතුරුදන්ව ඇති බව එම වාර්තාව පෙන්වා දී ඇත.
මීට අමතරව බ්‍රිතාන්‍ය ජාතිකයින් 33ක්, කැනේඩියානු ජාතිකයින් 25ක් ද ඒ අතර සිටින බව සඳහන්.
එම නවතම වාර්තාවට අනුව සිංගප්පූරු ජාතිකයින් 9ක්, ජර්මානු ජාතිකයින් 8ක්, රුසියානු ජාතිකයින් 8ක්, ලැට්වියානු ජාතිකයින් 6ක්, දකුණු අප්‍රිකානු ජාතිකයින් 6ක්, ජපාන් ජාතිකයින් 5ක්, නවසීලන්ත ජාතිකයින් 5ක්, ප්‍රංශ ජාතිකයින් 4ක්, බෙල්ජියම් ජාතිකයින් 3ක් හා ස්පාඤ්ඤ ජාතිකයින් 3ක් ද මෙලෙස අතුරුදන්ව ඇත.
මේ අතර ඉතාලිය, අයර්ලන්තය, කසකස්ථානය, නෙදර්ලන්තය සහ පෘතුගාලය යන රටවලින් පුද්ගලයින් දෙදෙනා බැගින් ද, බෙලරුස්, බල්ගේරියාව, ෆින්ලන්තය, හංගේරියාව, ඊශ්‍රායලය, ලිතුවේනියාව, පිලිපීනය, සර්බියාව, ස්වීඩනය සහ ස්විට්සර්ලන්තය යන රටවලින් එක් අයෙකු බැගින් ද අතුරුදන් ව ඇති බව වාර්තා වේ.
අතුරුදන් වූ සියලු දෙනා සෙවීමේ මෙහෙයුම් සහ සහන සැලසීමේ කටයුතු ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් එක්ව මේ වන විටත් සක්‍රියව සිදු කරමින් පවති බව නේපාල සංචාරක මණ්ඩලය වැඩිදුරටත් දක්වා ඇත.





















































