
නේපාලයේ විනාශකාරී ජලගැලීමෙන් නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශය පුරා අවම වශයෙන් විදේශිකයන් 800 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 1,500කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන් වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම ආපදාවෙන් පසු හුදකලා වූ දහස් ගණනක් වූ පිරිසට හදිසි ආධාර සැපයීමට සහ දිවි ගලවාගත් අය සොයාගැනීමට නේපාලයේ ගලවා ගැනීමේ කණ්ඩායම් හෙලිකොප්ටර්යානා භාවිතා කර තිබේ.
මියගිය සංඛ්‍යාව 165 ඉක්මවා යනු ඇතැයි සඳහන් වෙයි.
"අපි සෙවීමේ කටයුතු නැවත ආරම්භ කර ඇති අතර තවත් මළ සිරුරු හමුවනු ඇතැයි අපේක්ෂා කරන බැවින් මෙම සංඛ්‍යාව ඉහළ යනු ඇත," යැයි පොලිස් ප්‍රකාශක අබි නාරායන් කෆ්ලේ රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

















































