
නේපාලයේ ඇතිවූ හදිසි ජලගැලීම් සහ නායයෑම්වලින් බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් මේ වන විට මළසිරුරු 177ක් සොයාගෙන ඇති බව නේපාල පොලීසිය සිය නවතම වාර්තාව මගින් පවසයි.
තවද, පුද්ගලයින් 33 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවත්, මෙහෙයුම්වලට සහාය වීම සඳහා මේ වන විට පොලිස් නිලධාරීන් 3,318 දෙනෙකු යොදවා ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

















































