
නේපාලයේ හදිසි ගංවතුර හේතුවෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 826 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊට විදේශීය සහ දේශීය සංචාරකයින්, ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළත් වේ.
අතුරුදන් වූ සංචාරකයින් 590 දෙනාගෙන් 476 දෙනෙකුම විදේශිකයින් වන අතර 114 දෙනෙකු නේපාල ජාතිකයින් වේ.
ඉන්දියානුවන් 177ක්, අමෙරිකානුවන් 63ක්, යුක්‍රේන ජාතිකයින් 53ක්, ඕස්ට්‍රේලියානුවන් 34ක්, බ්‍රිතාන්‍ය ජාතිකයින් 33ක්, කැනඩා ජාතිකයින් 25ක්, ජර්මානුවන් 8ක්, සිංගප්පූරු ජාතිකයින් 6ක් සහ දකුණු අප්‍රිකානුවන් 6ක් ඇතුළත් වේ.
නේපාල හමුදාවේ 44 දෙනෙකු, පොලිස් නිලධාරීන් 28 දෙනෙකු සහ සන්නද්ධ පොලිස් බලකායේ 13 දෙනෙකු මෙතෙක් සොයාගෙන නොමැත.
රසුාවා (Rasuwa) සහ නුවාකොට් (Nuwakot) දිස්ත්‍රික්කවලින් පමණක් 162 දෙනෙකු සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇත.
ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන් එක්ව ගංගා ධාරාවන් සහ පහළ ප්‍රදේශ පරීක්ෂාකරමින් අඛණ්ඩව සෙවුම් සහ මුදාගැනීමේ මෙහෙයුම් සිදුකරනු ලබයි.

















































