header logo
SLIC
උණුසුම් පුවත්
ජාතික මිලාද්-උන්-නබි සැමරුම් උලෙළ ජනපති ප්‍රධානත්වයෙන් මීගමුවේදි
58m ago
ජාතික මිලාද්-උන්-නබි සැමරුම් උලෙළ  ජනපති ප්‍රධානත්වයෙන් මීගමුවේදි
Mobitel 1278

රට තුළ යළි කිසිදු ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

අදට යෙදී ඇති නබිනායක තුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් මීගමුවේ පැවති ජාතික මිලාද්-උන්-නබි සැමරුම් උලෙළ අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

දීර්ඝ කාලීන ජාතිවාදී ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි ලෙස බැටකෑ බවත්, වර්තමානයේ ජීවත්වන සියලු දෙනාම එම කුරිරු විනාශකාරී අත්දැකීමවල වින්දිතයන් බවට පත්වූ බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ යළි කිසිදු ආකාරයක ජාතිවාදී ගැටුමක් නිර්මාණය වීමට ඉඩ නොදෙන බවට තමා සහතික වන බවය.

මීට පෙර ධනය, බලය, ආගම හෝ සංස්කෘතිය මත නීතිය ක්‍රියාත්මක වන්නේ වෙනස් අයුරින් බවට සමාජ මතයක් තිබූ නමුත්, රට ගොඩනැගීමේ වැදගත්ම කොටස ලෙස නීතිය හමුවේ සැමදෙනාම සමාන බව දැනටමත් තහවුරු කරමින් සිටින බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

එසේම ජනාධිපතිවරයා සඳහන් කළේ රාජ්‍යය සමග කෙරෙන සියලු වැදගත් ගනුදෙනු නිවසේ සිටම ඔන්ලයින් ක්‍රමය හරහා සිදුකළ හැකි පද්ධතියක් හඳුන්වා දී රාජ්‍ය සේවය වඩාත් ආකර්ෂණීය වෘත්තියක් බවට පත් කරන බවය.

තමන් ඇතුළු ආණ්ඩුව ගන්නා කිසිදු තීරණයකින් මහජනතාවට අගතියක් වීමට ඉඩ නොතබන බවට වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිවරයා, ඉදිරි නව ව්‍යවස්ථා සංශෝධනය මගින් අපේක්ෂා කරන්නේ රටේ ජනතාවට යුක්තිය පසඳලීමේ කාර්යය වේගවත් කර යහපත් සමාජයක් බිහිකිරීම වන බවද සඳහන් කළේය.

තීරණ ගැනීමේදී විය හැකි සෑම මානයකින්ම ඒ දෙස බලන බැවින්, කුඩා කුඩා ප්‍රතිවිරෝධයන් මතු වුවද ජනතාව වෙනුවෙන් ගනු ලබන කිසිදු තීන්දුවක් ආපසු නොහරවන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

''ශ්‍රී ලංකාව දිගු කාලීන ජාතිවාදී ගැටුමකින් බැට කෑවා.. ඉතාමත් කුරිරු විනාශකාරී අත්දැකීම අපිට පෙන්නුම් කරන්නේ මොකද්ද යළි කිසිදු වර්ගයක ජාතිවාදයක්, ජාතිවාදී ගැටුමක් නිර්මාණය කිරීමට ඉඩ නොදීමයි. වර්තමානයේ ජීවත් වන අපි සියලු දෙනාම අඩු වැඩි වශයෙන් එම ජාතිවාදී ගැටුමෙන් වින්දිතයින් වෙලා තියෙනවා. ජාතීවාදී ආගම්වාදී ගැටුමට මින් ඉදිරියට රට තුළ ඉඩක් නොදෙන බවට මම ඔබට පොරොන්දු වෙනවා. අපේ රටේ සමාජ මතයකක් තිබ්බා නීතිය ක්‍රියාත්මක වෙන්නේ පහළ අයට, ධනය බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා.. අදහන ආගම් මත. තමන්ගේ සංස්කෘතිය මත නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා සමාජ මතයක් තිබ්බා. නමුත් අපි මේ රටේ ජනතාවට ඒත්තු ගන්වමින් තියෙනවා රට ගොඩ නැගීමේ වැදගත්ම කොටස නීතිය ඉදිරියේ සැවොම සමානයි කියන එක කියලා..

අපි උත්සහ කරනවා තව වසරක් වගේ ඇතුළත් රාජ්‍යත් එක්ක කරන සියලු වැදගත් ගනුදෙනු ගෙදර ඉඳන් ඔන්ලයින් ක්‍රමය හරහා කරන්න පුලුවන් සිස්ටම් හදන්න.. ඒක රාජ්‍ය සේවයේ වැදගත් කඩඉමක්.. රාජ්‍ය සේවය ආකර්ෂණීය වෘත්තියක් කරනවා.. මා ඇතුළු මාගේ ආණ්ඩුව ගනු ලබන කිසිදු තීන්දුවක්, පියවරක් මේ රටේ මහ ජනතාවට අගතියක් ගෙනත් දෙන කුඩා හෝ සිදුවීමක් සිදු නොවන බවට මා වගබලා ගන්නවා.. ලොකු අඬහැරයක් තියෙනවා අලුත් ව්‍යවස්ථා සංශෝධනය ගැන.. ඒ ව්‍යවස්ථා සංශෝධනයෙන් මා මුළු මුනින්ම අපේක්ෂා කරන්නේ අපේ රටේ ජනතාවට යුක්තිය පසදලීම සඳහා තියෙන කාර්ය වේගවත් කිරීම සඳහා, යුක්තිය හරහා අපේ රටේ සමාජය යහපත් කිරීම් සඳහා අවශ්‍ය වන වුවමනාවයි. කුඩා කුඩා ප්‍රතිවිරෝධයන් දැක්වුවත් ජනතාව වෙනුවෙන් ගනු ලබන කිසිදු තීරණයක් ආපසු හරවන්නේ නෑ.. තීන්දුවක් ගැනීමේදී විය හැකි හැම මානයකින්ම ඒ දෙස බලනවා නමුත් තීන්දුව ගත්තට පස්සේ ආපසු හරවන්නේ නෑ''

සාමය , සමානාත්මතාව පදනම් කරගත් ඉස්ලාම් දහම ලොවට දේශනා කළ මුහම්මද් නබි තුමන් අරාබියේ මක්කම නගරයේදී උපත ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 570 දීයි.

කුඩා කළ සිටම සියලු දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වෙමින් යහපත් දිවි පෙවෙතක් ගත කළ එතුමන් හතලිස් වියේදී අල්ලාහ් දෙවියන් විසින් නබිතුමන් වශයෙන් තෝරාගනු ලැබූ බව ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයයි.

මුහම්මද් නබිතුමන්ගේ ගුණ සිහිකරමින් ලෝ වාසී ඉස්ලාම් භක්තිකයන් අද මිලාද් උන් නබි උත්සවය සමරයි.

ඒ අනුව මෙරට මුස්ලිම් ජනතාවද නබි තුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ආගමික වතාවත්වල නිරත විය.
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්