
දීර්ඝ නිවාඩුව හේතුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත විශාල මගී පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
නිවාඩු කාලය ගත කිරීම සඳහා සිය ගම්බිම් සහ විවිධ ප්‍රදේශ වෙත ගමන් කරන ජනතාව හේතුවෙන් එම මධ්‍යස්ථානයේ අද දිනයේදී මගී තදබදයක් දක්නට ලැබෙන බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

















































