header logo
SLIC
උණුසුම් පුවත්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය
50m ago
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය
Mobitel 1278

ඩුබාහි හිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන ලලිත් ගන්නංගර නොහොත් බස් ලලිත් නැමැත්තා පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ.

ඒ අනුව බස් ලලිත් නැමැත්තාගෙන් මේ වන විට තොරතුරු රැසක් හෙළිව ඇති අතර ඔහු විසින් සිදුකරන ලද ඝාතන රැසක තොරතුරුද මේ වන විට විමර්ශන නිලධාරීන්ට අනාවරණය කර ගැනීමටද හැකියාව ලැබී ඇත.

ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් නැමැනි දරුණු ගණයේ අපරාධකරු 2025 වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා පොලිසිය හා ඩුබායි පොලිසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල හා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණයෙනි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු හා නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකළේ මධ්‍යම අපරාධ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමකි.

පසුව බස් ලලිත් නැමැත්තා ඩුබායි අධිකරණකට ඇපෑලක් ඉදිරිපත් කර තිබුණේ තමා අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බව පවසමිනි.

නමුත් අධිකරණයෙන් එය නිෂ්ප්‍රභ කෙරුණු අතර පසුව බස් ලලිත් නැමැත්තා මෙරටට පිටුවහල් කිරීමට ඩුබායි ආරක්ෂක අංශ කටයුතු කෙරිණි.

ඒ අනුව ඔහුව මෙරටට රැගෙන ඒමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙක් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පසුගියදා ඩුබායි වෙත පිටත්වුණි.

එහිදී ඩුබායි බලධාරීන් ඔවුන්ට දැනුම්දී තිබුණේ, සැකකරු ඊයේ රාත්‍රියේ ගුවන්තොටුපොළට රැගෙනවිත් භාරදෙන බවය.

එමෙන් ඇල්ටෝ ධර්මේ, වනාතේ චතූ හා කොණ්ඩ රංජි නැමැත්තන්ද තමන් භාරයේ සිටින බවත් කඩිනමින් ඔවුන්වද මෙරටට පිටුවහල් කරන බවත් ඩුබායි බලධාරීන් එහිදී පවසා තිබේ.

ඒ අනුව බස් ලලිත් නැමැත්තා ඩුබායි පොලිසියේ විශේෂ ආරක්ෂක කණ්ඩායමක් විසින් ඊයේ (24) රාත්‍රියේ එරට ගුවන්තොටුපළේදී මෙරට පොලිස් කණ්ඩායමට භාරදෙනු ලැබීය.

අනතුරුව ඔහු ශ්‍රී ලංකන් ගුවන් යානයකින් අද (25) අලුයම පහට පමණ මෙරටට රැගෙන ආවේය.

එහිදී පළමුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් ඔහුගෙන් මූලික ප්‍රශ්න කිරීම් සිදුකර තිබුණි.

මේ අතර බස් ලලිත්ගේ මෙහෙයවීම මත අවස්ථා 5කදී පුද්ගලයන් 6 දෙනෙකු ඝාතනය කර ඇතැයි සැකකරන බව පොලිසිය පැවසීය.

සැකකරුගෙන් සිදුකරන ලද මූලික ප්‍රශ්න කිරීම් හමුවේ විමර්ශන නිලධාරීන්ට තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.

ඒ අනුව 2022 වසරේ දෙසැම්බර් 18 වනදා බූරු මූණා නම් වෙඩික්කරු ලවා ව්‍යාපාරිකයෙකු ඝාතනය කර ඇත්තේ කප්පම් ලබා නොදීම මත බව සැකකරු මූලික ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.

තමන්ට කිසිඳු රැකියාවක් නොමැති අවස්ථාවකදී බස් කොන්දොස්තර රැකියාවක් ලබාදුන් වජිර නිශාන්ත නැමැත්තා 2024 වසරේ සැප්තැම්බර් 30 වනදා ඝාතනය කරනු ලැබුවේ, ද කප්පම් මුදල් ලබා නොදුන් නිසා බවද ඔහු පවසා ඇත.

2025 වසරේදී මුදුන්කොටුවගේ දොන් ශාන්ත හෙවත් බනා මන්ත්‍රී නැමැත්තා ඝාතනය කළේ, දෙබිඩි පිළිවෙතක් අනුගමනය කළ නිසා බව ද ඔහු පවසා ඇතැයි වාර්තා වේ.

බනා මන්ත්‍රී නැමැත්තා, ඔහු සමීපව ආශ්‍රය කළ ව්‍යාපාරිකයන් පස් දෙනෙකුගේ දුරකථන අංක තමන්ට ලබාදී තමා ඔවුන්ගෙන් කප්පම් ඉල්ලූ පසු එම මුදල් ලබාගෙන ඉන් කොටසක් තමන්ට ලබාදෙන්නැයි ඉල්ලා සිටි බවද බස් ලලිත් පවසා ඇතැයිද සඳහන් වේ.

පසුව ඔහු තම ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියකට ද එම දුරකථන අංක ලබාදීම හේතුවෙන් බනා මන්ත්‍රී නැමැත්තාව ඝාතනය කළ බවද මේ වන විට වාර්තා වේ.

2023 වසරේ නත්තල් දා මන්නා රොෂාන් හා ඔහුගේ සමීපතමයෙකු ඝාතනය කළේ, ඔහු දිගින් දිගටම අනවශ්‍ය ලෙස කතාබහ කිරීම නිසා බවද බස් ලලිත් නැමැත්තා පවසා තිබේ.

එමෙන්ම තමාගේ කප්පම් එකතු කරන්නෙක් තමා උපදෙස් දෙන මුදලට වඩා වැඩි කප්පම් මුදල් ලබාගැනීම හේතුවෙන් ඔහු ඝාතනය කළ බවද සැකකරු පවසා ඇති බවද පොලිසිය සඳහන් කළේය.

අනතුරුව සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන එනු ලැබීය.

මේ අතර බස් ලලිත් නැමැත්තා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එම කාර්යාංශය පියවර ගෙන තිබේ.

බස් ලලිත් නැමැත්තාගේ පාතාල කල්ලි දැඩිව ක්‍රියාත්ම වූ මීගොඩ හා පාදුක්ක ප්‍රදේශවල ව්‍යාපාරිකයක් කිහිපදෙනෙක් පසුගිය කාලයේ එම ප්‍රදේශ අතහැර පලාගොස් තිබුණේ ඔහුගේ තර්ජන දරාගත නොහැකිවය.

අත්අඩංගුවට ගත් බස් ලලිත් මෙරටට රැගෙන ඒම සහ නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව රජයට ස්තුතිය පළකළේ රතිඤ්ඤා ද දල්වමිනි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...