
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක අනතුරු තුනකින් කුඩා දැරියක් හා කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (25) සවස අඩම්පන් පොලිස් වසමේ වෙඩිතලතිව් 10 වන කොටසේ අතුරු මාර්ගයකදී ට්‍රැක්ටර් රථයකට දැරියක් යටවී බරපතළ තුවාල ලැබූ දැරිය පල්ලේමඩු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 07ක් වූ වෙඩිතලතිව් ප්‍රදේශයේ පදිංචිකාරියකි.
අවුරුදු 32 හැවිරිදි ට්‍රැක්ටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අඩම්පන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මේ අතර, ඊයේ සවස මාතලේ, රත්තොට මාර්ගයේ වේරගම ප්‍රදේශයේද මාතලේ දෙසට ධාවනය වූ ජීප් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක මුහුණුට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරුව සිටි කාන්තාවක් හා එහි පිටුපස ගමන් ගත් දරුවෙකු මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාව මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 45ක් වූ පුංචි රත්තොට ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ජීප් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රත්තොට පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඉඟුරුකඩේ හන්දිය අසලදී වරාය දෙස සිට ඉඟුරුකඩේ දෙසට ධාවනය වූ ටිපර් රථයකට ඉදිරියෙන් පදික මාරුව හරහා පාර මාරු වූ කාන්තාවක් එම ටිපර් රථයට යටවීමෙන් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 63ක් වූ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ටිපර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

















































