
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවුයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පරිසරයට මුදාහැර ඇති රසායනික ද්‍රව්‍යයක් නිසා බව ජාතික ජල සම්පාදනය හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි.
එහි සභාපති, චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේ ජලයට යම් අපද්‍රව්‍යයක් මුසුව ඇත්දැයි තහවුරු කරගන්නා තෙක් මෙලෙස ආරක්ෂාකාරී පියවරක් ලෙස හදිසියේ ජල සැපයුම අත්හිටවූ බවය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආරක්ෂක අංශ එක්ව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරමින් පවතින බවද සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ජාතික ජල සම්පාදනය හා ජලා ප්‍රවාහන මණ්ඩලය විසින්ද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලීසිය වෙත ඉදිරිපත් කර ඇතැයි ද පැවසු සභාපතිවරයා, ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට අදාළ ආයතන දැනුවත් කර ඇති බවද කියා සිටියේය.
මේ අතර මේවන විට සියලුම තත්ත්වයන් යථා තත්ත්වයට පත්කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ඊයේ (24)රාත්‍රී 11.30ට ඇතිවූ මෙම තත්ත්වය හේතුවෙන් ජනතාවගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය උදෙසා එම මොහොතේම අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාර තාවකාලිකව ක්‍රියා විරහිත කිරීමට සිදුවූ බවද ඔහු පැවසීය.
එහිදී ජල සම්පාදනය හා ජලා ප්‍රවාහන මණ්ඩලයේ රසඥවරුන් සම්බන්ධ කරගනිමින් ඒ සම්බන්ධයෙන් හදිසි විමර්ශනයක් ආරම්භ කළ බව පැවසීය.
කැලණිගගේ ජලය තත්ත්වය පරිශ්‍රා කිරීම ඒ මොහොතේ සිට උදෑසනවන තුරුම විවිධ ස්ථානවලින් ජලය තත්ත්වය පරීක්ෂා කිරීම සිදුකළ බවද ඔහු පැවසීය.
ඒ අනුව, කැලණිගගේ ජලයේ තත්ත්වය සුරක්ෂිතව තියෙන බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව අද උදෑසන 4.30වන විට අඹතලේ ජල පවිත්‍රාගාරයේත් බියගම ජල පවිත්‍රාගාරයේත් නැවත ජලය නිෂ්පාදනය කිරීම සහ බෙදාහැරීම ආරම්භ කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
















































