
එල්නිනෝ තත්ත්වය සමඟ ඉදිරියේ දී විදුලි ඉල්ලුම ඉහළ යා හැකි අතර ජල මූලාශ්‍ර සිඳි යාමත් සමඟ විදුලි උත්පාදනය පහළ යා හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එවැනි අවස්ථාවකදී විදුලි හිඟතාවයක් මතුවීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති K. P. L. චන්ද්‍රලාල් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වූ විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අද (24) පැවති මාධ්‍ය හමුව අමතමිනි.



















































