
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා තවත් දින 90ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට නියෝග කර තිබේ.
පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන දින 90ක කාලයක් රඳවා තැබුණු අතර, ඒ අනුව තවත් දින 90ක කාලයක් සඳහා ඔහුට මෙලෙස රැඳවුම් නියෝග නිකුත් කර තිබේ.
















































