header logo
SLIC
උණුසුම් පුවත්
ප්‍රජාශක්ති වැඩසටහනේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ගැන සාකච්ඡාවක්
35m ago
ප්‍රජාශක්ති වැඩසටහනේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ගැන සාකච්ඡාවක්

දිළිඳුකම තුරන් කර සමාජ සවිබල ගැන්වීම සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීම අරමුණු කර ගනිමින් රජයේ ප්‍රධාන වැඩසටහන ලෙස ක්‍රියාත්මක ප්‍රජාශක්ති වැඩසටහනේ 2026 වසරේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සහ 2027 වසරේ සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඒ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

ප්‍රජාශක්ති වැඩසටහන සඳහා 2026 අයවැයෙන් වෙන් කළ රුපියල් බිලියන 25න් රුපියල් බිලියන 23ක ප්‍රතිපාදන යොදා ගනිමින් ව්‍යාපෘති 23,000ක් පමණ ක්‍රියාත්මක කර තිබෙන බවත්, එම සියලු ව්‍යාපෘති මෙම වසර තුළ අවසන් කිරීමේ හැකියාව පවතින බවත් මෙහිදි  අවධාරණය කෙරිණි.

එමෙන්ම, තවත් මිලියන 2,000ක ප්‍රතිපාදන විශේෂ ආකෘතික ව්‍යාපෘති (Model Projects) සහ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන් සඳහා යොමු කර ඇති බවත්, එම වැඩසටහන් ඔස්සේ හඳුනා ගන්නා ව්‍යාපෘති ඉදිරියේදී ප්‍රජාශක්ති වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් අනාවරණය විය.  

පරිපාලන කරුණු යටතේ ප්‍රජා සංවර්ධන සභා සඳහා ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන් පත් කර අවසන් කර තිබෙන බවද සාකච්ඡාවට ලක් කෙරිණි.

එසේම දත්ත රැස් කිරීම් සඳහා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන්ගේ සහාය ලබා දීමටත්, එහිදී ග්‍රාමීය මට්ටමේ දත්ත සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන් අතර ගැටුම් ඇති නොවන සේ කටයුතු කළ යුතු බවත් අවධාරණය කෙරිණි.

ප්‍රජාශක්ති ලේකම් කාර්යාලය විසින් සැලසුම් කරන ලද ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසාය සංවර්ධන සහ ප්‍රවර්ධන වැඩසටහන, ප්‍රජා සංවර්ධනය සභා ඇගයීම් සහ ප්‍රවර්ධන වැඩසටහන, ධාරිතා සංවර්ධන පුහුණු මොඩියුල සකස් කිරීම සහ පුහුණුකරුවන් පුහුණු කිරීම, ප්‍රජාශක්ති මාර්ගෝපදේශ සංග්‍රහය මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම, ප්‍රජා දත්ත සම්පාදන අත්පොත මුද්‍රණය හා බෙදා හැරීම මෙන්ම ප්‍රජාශක්ති තුන් අවුරුදු උපායමාර්ගික සැලැස්මේ මූලික ව්‍යූහයන් සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණු අතර ඒවා ක්‍රියාත්මක කිරීමටද එකඟතාව පළ විය.  

ප්‍රජාශක්ති ජාතික දත්ත හා තොරතුරු පද්ධතිය සකස් කිරීම අවසන් කර ඇති අතර ඒ සඳහා දත්ත හා තොරුතුරු ඇතුළත් කිරීමට ප්‍රජා සංවර්ධන සභා නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් කඩිනමින් යොමු කළ යුතු බවට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

එළඹෙන වසරේ දී ග්‍රාමීය සංවර්ධන සැලැස්ම (VDP) මුළුමනින්ම මෙම දත්ත පද්ධතිය මගින් සකස් කළ යුතු අතර ඒ සඳහා කඩිනමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාවල නිලධාරීන් යොමු කරවන ලෙසද වැඩිදුරටත් උපදෙස් දෙන ලදී.

මෙහි පළමු වැඩසටහන එළඹෙන සැප්තැම්බර් 2 සහ 3 යන දෙදින පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතා විසින් දැනුම් දෙන ලදී.

මෙම ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ජාතික මට්ටමෙන් පවතින සමීප සම්බන්ධීකරණය ප්‍රජා සවිබල ගැන්වීම සහ සමාජ රැකවරණය ලබා දීම සම්බන්ධයෙන් වගකීම් දරන සියලු ආයතන අන්‍යෝන්‍ය අවබෝධයෙන් හා සම්බන්ධීකරණයෙන් ජාතික අරමුණු කරා මෙහෙයවීම ප්‍රජාශක්ති වැඩසටහනේ වගකීම බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා විසින් අවධාරණය කරන ලදී.

ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ නිලධාරින් සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ප්‍රධානීන් සමග පැවති මෙම සාකච්ඡාවේදී ප්‍රජාශක්ති ව්‍යාපාරයේ මේ වසරේ වැඩ කටයුතු සමාලෝචනය කෙරුණු අතර, ඉදිරි වර්ෂය සඳහා වැඩසටහන් සැලසුම් කිරිම පිළිබඳවද සාකච්ඡාවට ලක්විය.  
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...