
ලක්ෂ 16ක් පමණ වටිනා නීතිවිරෝධී මත්පැන් මිලි ලීටර් 120,000ක් සමඟ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව කොරලවැල්ල පෙරේරා මාවත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකි.
ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිගේ සෘජු අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ සැකකාරිය රත්මලාන වෙරළ තීරයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාව ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
















































